අභ්‍යාස අංක 2
ව්‍යාපාරයක 2019 ඡනවාරි මස 01 දිනට සුළු මුදල් ශේෂය රු.500ක් විය.එම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රු.6000කි.එම නිසා 2019-01-01 දින රු.5500ක් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දී අග්‍රිමය ප්රථිපූර්ණය කරන ලදී.ඡනවාරි මාසයේ මුල් දින 12 තුල සිදුවූ ගනුදෙනු පහත සඳහන් වේ
1. 2019-01-01 -සබන් කැට දෙකක් මිලදී ගැනීම | රු. 50.00 |
2. 2019-01-02 -මුද්‍රණ කඩදාසි පැකට්ටුවක් මිලදී ගැනීම | රු.300.00 |
3. 2019-01-03 -ත්‍රී රෝද රථ ගාස්තුව | රු.100.00 |
4. 2019-01-04 -පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය මිලදී ගැනීම | රු.250.00 |
5. 2019-01-04 -පිරිසිදු කිරීමේ සේවකයාට ගෙවූ මුදල | රු.500.00 |
6. 2019-01-05 -පෑන් සහ පැන්සල් මිලදී ගැනීම | රු.100.00 |
7. 2019-01-07 -බස් ගාස්තු ගෙවීම | රු. 50.00 |
8. 2019-01-07 -ත්‍රී රෝද රථ ගාස්තුව | රු.150.00 |
9. 2019-01-08 -සංග්‍රහ වියදම් | රු.200.00 |
10. 2019-01-08 -මුද්දර මිලදී ගැනීම | රු. 50.00 |
11. 2019-01-09 -තැපැල් ගාස්තුව | රු.300.00 |
12. 2019-01-10 -ලිපි ද්‍රව්‍ය සදහා ගෙවීම | රු.400.00 |
- පිරිසිදු කිරීමේ වියදම්,ලිපි ද්‍රව්‍ය වියදම්,ගමන් වියදම්,විවිධ වියදම් හා වෙනත් ලෙඡර් ගිණුම් යන විශ්ලේෂණ තීරු නම් කර සුළු මුදල් පොතක් පිළියෙල කර සුළු මුදල් ශේෂය ගණනය කරන්න.
- 2019-01-13 දිනට සුළු මුදල් අග්‍රිමය ප්රථිපූර්ණය කරන්න.
- 2019-01-13 දින සිට සුළු මුදල් අග්‍රිමය රු.7000දක්වා වැඩි කරන්නේ නම් ප්රථිපූර්ණය කල යුතු මුදල කීයද?