අභ්‍යාස අංක 8
ව්‍යාපාරයක 2019-01-01 දින සුළු මුදල් අග්‍රිමය ලෙස රු. 6000 ක් ලබාදී ඇත. 2019 ජනවාරි මාසයේ සිදුවු සුළු මුදල් ගෙවීම් පිළිබඳව විස්තර පහත දැක්වේ.
දිනය | වවුචර අංකය | විස්තරය | වටිනාකම රුපියල් |
05/01/2019 | 1 | ලිපි කවර හා මුද්දර සඳහා ගෙවීම | 500.00 |
06/01/2019 | 2 | විදුලි පනිවිඩ ගාස්තු | 100.00 |
08/01/2019 | 3 | සංග්‍රහ වියදම | 400.00 |
09/01/2019 | 4 | පෑන් සහ පැන්සල් සඳහා | 200.00 |
10/01/2019 | 5 | සංග්‍රහ වියදම | 300.00 |
11/01/2019 | 6 | බස් රථ ගාස්තු | 100.00 |
12/01/2019 | 7 | මුද්‍රණ කඩදාසි පැකට් මිලදී ගැනීම | 250.00 |
13/01/2019 | 8 | ත්‍රී රෝද රථ ගාස්තුව | 300.00 |
14/01/2019 | 9 | ණය හිමියෙකු වූ කපිලට ගෙවීම | 500.00 |
15/01/2019 | 10 | තැපැල් වියදම | 100.00 |
16/01/2019 | 11 | විදුලි පනිවිඩ ගාස්තු | 200.00 |
17/01/2019 | 12 | ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම | 500.00 |
18/01/2019 | 13 | ත්‍රී රෝද රථ ගාස්තුව | 200.00 |
19/01/2019 | 14 | කාර්යාලය සඳහා පුටුවක් මිලදී ගැනීම | 800.00 |
20/01/2019 | 15 | පිරිසිදු කිරීමේ ගාස්තු | 200.00 |
- ඉහත සඳහන් ගනුදෙනු සුළු මුදල් පොතක සටහන් කරන්න.
- 2019-01-21 දිනට අග්‍රිමය ප්රථිපූර්ණය කරන්න.