සාරාංශය
- සුළු මුදල් පොතට අදාල මූලාශ්‍ර ලේඛනය වන්නේ සුළු මුදල් ගෙවීම් වවුචරයයි.
- සුළු මුදල් අග්‍රිමය යනු සුළු මුදල් භාරකරු භාරයේ තබා ඇති නිශ්චිත මුදල් ප්‍රමාණයයි.
- අග්‍රිමය ප්රථිපූර්ණය කිරීම යනු වියදම් වූ මුදල නැවත ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට සැපයීමයි.
- විශ්ලේෂණ තීරු තීරණය කිරීමේදී එකම ඛාණ්ඩයකට අයත් ගෙවීම් ඇතුලත් කල හැකි වන සේ තෝරාගත යුතුය.
- වෙනත් ලෙජර ගිණුම් තීරුවට ඇතුලත් වන්නේ සෑම විටම වෙනම ලෙජර ගිණුමකට පිටපත් කලයුතු ගෙවීම්ය. උදාහරණ : ණය හිමි ගෙවීම්, භාවිතය සඳහා වත්කම් මිලදී ගැනීම්, ගෙන ඒමේ කුලී, මුදල් ගැනිලි