සුළුමුදල් අග්‍රිමය ප්‍රතිපුර්ණය කිරීම යනු කුමක්ද ?
සුළුමුදල් ගෙවීම් කරගෙන යාමේදී සුළුමුදල් අග්‍රිමය ලෙස සුළුමුදල් භාරකරු තබාගෙන සිටින මුදලින් යම් කොටසක් වියදම්වූ පසු එම වියදම් වූ මුදලට සමාන මුදලක් නැවත ප්‍රධාන මුදල් භාරකරුගෙන් සුළුමුදල් භාරකරු විසින් ලබාගැනීම අග්‍රිමය ප්‍රතිපුර්ණය කිරීම යනුවෙන් හැදින්වේ
උදාහරණයක් ලෙස ව්‍යාපාරයක සුළුමුදල් අග්‍රිමය රුපියල් 5000ක් නම් එම මුදලින් සුළුමුදල් භාරකරුවිසින් වියදම් සදහා රුපියල් 3500ක් ලබාදී ඇතිනම් එම වියදම් වූ රුපියල් 3500 ට අදාල සුළුමුදල් වවුචර ඉදිරිපත්කර රුපියල් 3500ක් ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබාගෙන අග්‍රිමය නැවත රුපියල් 5000 දක්වා පුර්ණය කරගැනීම දැක්විය හැක
