සුළු මුදල් පොතක ආකෘතිය හදුනා ගනිමු.
- ලැබීම් – සුළු මුදල් පොතට මුදල් ලැබෙන්නේ ප්‍රධාන මුදල් පොතෙනි.එම නිසා මෙහි සටහන් වන්නේ ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබාදෙන මුදලේ වටිනාකමයි.
- සගල පිටුව -මෙහි සටහන් වන්නේ ප්‍රධාන මුදල් පොතේ සුළු මුදල් පොත සදහා ගෙවූ වටිනාකම සටහන් පිටු අංකයයි.
- දිනය – දිනය තීරුව ලැබීම් පැත්තට හා ගෙවීම් පැත්තට පොදුවේ භාවිතා කරයි.
- විස්තරය -විස්තරය තීරුව ද ලැබීම් පැත්තට හා ගෙවීම් පැත්තට පොදුවේ භාවිතා කරයි.
- වවුචර් අංකය- සුළු මුදල් භාරකරු විසින් සෑම ගෙවීමකදීම එම ගෙවීම් පිළිබදව විස්තර ඇතුලත් කරමින් මූලාශ්‍ර ලේඛනයක් සකස් කරන බවත් එම සුළු මුදල් ගෙවීම් වවුචර අනුක්‍රමික අංක පිළිබදව ලිපිගොනුවක ඇතුලත් කරන බවත් අප ඉහතදී ඉගෙන ගතිමු.මෙම සුළු මුදල් පොතේ වවුචර අංක තීරුවේ සටහන් වන්නේ එම ගෙවීම් වවුචර අංකයයි.මෙහි වැදගත්කම වන්නේ සුළු මුදල් පොත පරීක්ෂා කරන ඕනෑම අවස්ථාවකදී එම අංකය අනුව සුළු මුදල් වවුචර් ලිපිගොනුවෙන් ගෙවීමකට අදාල වවුචරය හා එයට අමුණා ඇති ලියකිවිලි අනුමැතිය යනාදිය ක්ෂණිකව පරීක්ෂාකර බැලීමේ හැකියාව ලැබේ.
- ගෙවීම් වටිනාකම -මෙහි සටහන් වන්නේ සුළු මුදල් වවුචරයේ සටහන් වියදමේ වටිනාකමයි.
- විශ්ලේෂණ තීරු – සුළු මුදල් පොතක විශේෂිතම ලක්ෂණය වන්නේ ගෙවීම් පැත්තේ ගෙවූ මුදල
නැවතත් විශ්ලේෂණ තීරුවක ඇතුලත් කිරීමයි.මෙසේ අනු තීරු පවත්වා ලැනීමෙන්
එකම වර්ගයේ ගෙවීම් වල එකතුව වෙනම ගණනය කිරීමේ හැකියාව ලැබීමයි.
උදාහරණය –
- ලිපිකවර මිලදී ගැනීම, මුද්දර මිලදී ගැනීම තැපැල් ලියාපදිංචි ගාස්තු යනාදී එකම අරමුණක් වෙනුවෙන් සිදුකල ගෙවීම තැපැල් ගාස්තු ලෙස එකම තීරුවක සටහන් කිරීම.
- බස් ගාස්තු, ත්‍රී රෝද රථ ගාස්තු යනාදී ගමන් වියදම් සදහා දැරූ වියදම්වල එකතුව ලබා ගැනීම සදහා ගමන් වියදම් නමින් තීරුවක් පවත්වා ගැනීම.
- පොත් මිලදී ගැනීම, පෑන් මිලදී ගැනීම, පැන්සල් මිලදී ගැනීම , මුද්‍රණ කඩදාසි මිලදී ගැනීම, ෆයිල් කවර මිලදී ගැනීම යනාදී සියලුම වියදම් සදහා ලිපිද්‍රව්‍ය වියදම් ලෙස තීරුවක් පවත්වා ගැනීම.
එක් එක් ව්‍යාපාරෙය් ස්වභාවය අනුව මෙම අනු තීරුවල නම් සකස් කර ගත හැකි නමුත් ඔබට අභ්‍යාසයන්හිදී නිතර නිතර ලැබෙන වියදම් වල ස්වභාවය අනුව ඉහත ආකෘතියේ අනු තීරු නම් කර ඇත.
ගිණුම්කරණ ක්‍රියාවලියේ ඊලග පියවර ලෙස මූලික සටහන් පොත්වල සටහන කල ගනුදෙනු ලෙඡරයට පිටපත් කිරීම සිදුවේ. මේ අනුව සුළු මුදල් පොතේ සටහන් ගනුදෙනුද ලෙඡරයට පිටපත් කිරීම අවශ්‍යවේ .ඒ අනුව එක් එක් විශ්ලේෂණ තීරුවේ එකතුව ලබාගෙන ලෙඡර් ගිණුමට පිටපත් කිරීම සිදුවේ ඉහත ආකෘතියේ එක් එක් තීරුවේ එකතුවට යටින් ලෙඡර පිටුව යනුවෙන් සටහන් කර ඇත්තේ එම අනුතීරු වලට අදාල ලෙඡර ගිණුම ඇතුලත් වන ලෙඡර් පිටු අංකයයි.
- විවිධ වියදම් – ප්‍රායෝගිකව ව්‍යාපාරයක සිදුවන සියලුම වියදම් සදහා සුළු මුදල් පොතක අනුතීරු පවත්වා ගැනීම අපහසු වේ.මෙහිදී නිතර නිතර සිදු නොවන මෙන්ම එකම ඛාණ්ඩයකට ඇතුලත් කල නොහැකි වියදම් විවිධ වියදම් තීරුවට ඇතුලත් කිරීම සිදුවේ.
- වෙනත් ලෙඡර් ගිණුම් තීරුව හා ලෙඡර පිටුව තීරුව
එකතුවක් ලෙස ලෙඡරයට පිටපත් කල නොහැකි වෙන වෙනම ලෙඡර් ගිණුම් වලට පිටපත් කල යුතු ඇතැම් ගෙවීම් සුළු මුදල් භාරකරු විසින් සිදුකර තිබිය හැකිය. එවැනි ගෙවීමක් කර ඇත්නම් එම ගෙවීම් වෙනත් ලෙඡර් ගිණුම් තීරුවට ඇතුලත් කිරීම හා එම ලෙඡර් ගිණුම ඇතුලත් පිටු අංකය ලෙඡර් පිටුව තීරුවේ සටහන් කිරීම සිදුවේ. මෙම තීරුවට පිටපත් විය හැකි ගෙවීම්.
- ණය හිමියන්ට ගෙවීම
- වත්කම් මිලදී ගැනීම.
- ගෙන ඒමේ කුලිය.
- මුදල් ගැනිලි