සුළු මුදල් ක්‍රමය
ව්‍යාපාරයක කටයුතු පුඵල් වීමත් සමගම එම ව්‍යාපාරයේ එදිනෙදා සිදුවන මුදල් ගෙවීම් ප්‍රමාණය වැඩිය හැක.එවැනි අවස්ථාවකදී කටයුතු පහසු කර ගැනීම සදහා ව්‍යාපාරයක ප්‍රධාන මුදල් පොතට අමතරව එදිනදා සිදුවන සුළු පරිමාණයේ ගෙවීම සදහා තවත් මුදල් පොතක් වෙනත් නිලධාරියකුගේ භාරයේ පවත්වා ගෙන යා හැකිය.
මෙහිදී ප්‍රායෝගිකව සිදුවන ක්‍රියාවලිය වන්නේ එදිනෙදා වියදම් සදහා ප්‍රමාණවත් සාමාන්‍ය මුදල තීරණය කර එම මුදල වෙනත් නිලධාරියකුට එදිනෙදා වියදම් සදහා භාර දීමයි. එම තීරණය කරන ලද නිශ්චිත මුදල සුළු මුදල් අග්‍රිමය ලෙස ( Petty cash Float) හදුන් වන අතර එය දරණ නිලධාරියා සුළු මුදල් භාරකරු ලෙස හදුන්වයි.සුළු මුදල් භාරකරු වෙත ලැබෙන මෙම අග්‍රිමය හා එම මුදලින් සිදුකරනු ලබන ගෙවීම් වාර්තා කිරීම සදහා සකස් කරනු ලබන මූලික සටහන් පොත සුළු මුදල් පොත ලෙස (petty cash Book) ලෙස නම් කෙරේ.මෙහිදීද අප ඉහත මුදල් පොතේදී ඉගෙන ගත් පරිදි සටහන් කරනු ලබන්නේ මුදලින් සිදුවන ලැබීම් ගෙවීම් පමණකි සුළු මුදල් අග්‍රිමය භාවිතා කර සිදුකරන ගෙවීම් තහවුරු කිරීම සදහා මූලාශ්‍ර ලේඛනය ලෙස සුළු මුදල් වවුචරය යොදා ගනු ලබයි.
සුළු මුදල් පොතද අප ඉගෙන ගත් ප්‍රධාන මුදල් පොත මෙන්ම ලැබීම් හා ගෙවීම් සටහන් කිරීම සදහා දෙපැත්තක් වෙන වෙනම පවත්වාගෙන යන අතර මෙහි විශේෂත්වයන් වන්නේ ලැබීම් හා ගෙවීම් දෙකටම අදාලව විස්තරය සටහන් කිරීම සදහා තනි විස්තරය තීරුවක් පවත්වා ගැනීමත් ගෙවීම් පැත්තේ ගෙවූ වටිනාකම සටහන් කල පසු එක් එක් ඛාණ්ඩයට අයත් ගෙවීම් වල එකතුව වෙන වෙනම ලබා ගත හැකි පරිදි අනු තීරු පවත්වා ගැනීමත් වේ.