අභ්‍යාස අංක 10
ව්‍යාපාරයක 2019.12.31 දිනට සකස් කරන ලද ශේෂ පිරික්සුම සමාන නොවූ නිසා එම වෙනස රු. 2000 අවිනිශ්චිත ගිණුමේ හර පැත්තට පිටපත් කර ශේෂ පිරික්සුම සමාන කරන ලදි. පසුව කරන ලද පරීක්ෂා කිරීම් වලදී පහත සඳහන් වැරදි අනාවරණය විය.
- දෙසැම්බර් මාසයේ ගෙවූ වැටුප රු. 15000 මුදල් පොත බැර කිරීම හැර වෙනත් කිසිදු සටහනක් තබා නොමැත.
- දුරකථන ගාස්තු ලෙස ගෙවූ රු. 12,000 ක මුදල රු.2000 ක් ලෙස දුරකථන ගාස්තු ගිණුමට පිටපත් කර ඇත.
- විදුලිය ගාස්තු සඳහා ගෙවූ රු. 7000 ක ගෙවීම රු. 10,000 ක් ලෙස විදුලිය ගාස්තු ගිණුමට පිටපත් කර ඇත.
- ණය ගැතියෙකු වූ සිසිරගෙන් ලැබූ රු. 15,000 ක චෙක්පත බැංකු ගිණුමේ හර පැත්තේ නිවැරදිව සටහන් කර ඇතත් සිසිරගේ ගිණුමේද හර පැත්තේ සටහන් කර තිබුනි.
- ගොඩනැගිලි කුලී ලෙස ගෙවූ රු.5000 ක මුදල් මුදල් පොත බැර කර ගොඩනැගිලි කුලී ගිණුමද බැර සටහනක් ලෙස යොදා තිබුනි.
ඔබ විසින්
1. ඉහත වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජ’නල් සටහන් ලියන්න.
2.අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.