අවිනිශ්චිත ගිණුම යනු කුමක්ද?
ශේෂ පිරික්සුම සමාන නොවන්නේනම් ගිණුම්කරණ ක්රියාවලිය තුල වැරදි පවතින බව ඒ මගින් තහවුරු වේ . එවිට එම වැරදි සොයාගෙන පසුව නිවැරදි කරන තුරු ශේෂ පිරික්සුමේ වෙනස තාවකාලිකව සටහන්කරන ගිණුම අවිනිශ්චිත ගිණුම නමින් හැදින්වේ.වැරදි නිවැරදි කිරීමේදී අවිනිශ්චිත ගිණුමට තබන සටහන් මගින් අවිනිශ්චිත ගිණුමේ ශේෂය අහෝසි වී යා යුතුය.
අවිනිශ්චිත ගිණුමක් විවෘත කරන්නේ පහත සඳහන් පරිදි වේ.
- ශේෂ පිරික්සුමේ හර ශේෂ එකතුව හා බැර ශේෂවල එකතුව අතර වෙනස සොයා ගන්න.
- එම වෙනස ශේෂ පිරික්සුමේ අගය අඩුවෙන් පවතින තීරුවේ එකතුව උඩින් සටහන් කර තාවකාලිකව ශේෂ පිරික්සුම සමාන කරන්න.
- එම වෙනස ඇතුලත් වන ගිණුම හරියටම නොදන්නා නිසා එම ලියූ අගයට ඉදිරියෙන් අවිනිශ්චිත ගිණුම ලෙස ලියා අදාල අගය අවිනිශ්චිත ගිණුමේ සටහන් කරන්න.
මේ අනුව ශේෂ පිරික්සුමේ හර එකතුව අඩුනම් අවිනිශ්චිත ගිණුමේ හර ශේෂයක්ද, පැත්තේද බැර එකතුව අඩුනම් අවිනිශ්චිත ගිණුම බැර ශේෂයක්ද ඇතිවේ.
