වැරදි නිවැරදි කිරීම අවශ්‍ය වන්නේ ඇයි ?
ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන වලින් සිදුවන්නේ එම ව්‍යාපාරය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබාදීමයි. මෙම තොරතුරු වැරදි සහගත වීමෙන් එම වැරදි තොරතුරු පදනම් කරගෙන ගන්නා තීරණද වැරදි සහගත වේ. එය ව්‍යාපාරයේ පැවැත්මට අහිතකර ලෙස බලපානු ලබයි. එම නිසා මූල්‍ය ප්රකාශනවල ඇතුලත් තොරතුරුවල නිවැරදි භාවය ආරක්ෂා කර ගැනීමට මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමට පෙර වැරදි නිවැරදි කිරීම අත්‍යවශ්‍ය වේ.
