අභ්‍යාස අංක 18
- විදුලිය වියදම් ගිණුමේ ශේෂය රු.10,000 ක් ශේෂ පිරික්සුමට ඇතුලත් කර නොතිබුනි.
- ණය ගැතියෙකු වූ කුමාරගේ ගිණුමේ ශේෂය රු. 30,000 ක් ශේෂ පිරික්සුමට පිටපත් කර තිබුනේ රු.3000ක් ලෙසය.
- පරිඝණක යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා නිකුත් කල රු.75,000 ක චෙක් පත්‍රය බැංකු ගිණුමට නිවැරදිව සටහන් කර ඇතත් වෙනත් කිසිදු සටහනක් තබා නොමැත.
- වැටුප් ගෙවීම රු.10,000 ක් මුදල් පොතේ නිවැරදිව බැර කර ඇතත් වැටුප් ගිණුමට සටහන් කර ඇත්තේ රු. 8000 ක් ලෙසිනි.
- අත්පිට ගැණුම් රු.5000 ක් මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇතත් ගැණුම් ගිණුමට පිටපත් කර ඇත්තේ රු. 50,000 ක් ලෙසටය.
- විදුලිය වියදම ගෙවීම රු. 8000 ක් විදුලිය වියදම් ගිණුමට බැර කර ඇත.
- අත්පිට මුදලට භාණ්ඩ ගැණුම් රු.20,000 ක් දෙවරක් ගැණුම් ගිණුමට පිටපත් කර ඇත.
- ගැණුම් ගිණුමේ ශේෂය රු. 50,000 ක් වැඩියෙන් ගණනය වී ඇත.
- යන්ත්‍ර ගිණුම ශේෂ කිරීමේදී රු. 10,000 ක් ශේෂය අඩුවෙන් ගණනය වී ඇත.
- ගැණුම් ගිණුමේ ශේෂය වූ රු.200,000 ක් ශේෂ පිරික්සුමේ සටහන් කර තිබුනේ රු.220,000 ක් ලෙසය.
- මුදල් ශේෂය රු. 50,000 ක් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් කර තිබුනි.
- යන්ත්‍ර නඩත්තු වියදම් ගිණුමේ ශේෂය රු.10,000 ක් දෙවරක් ශේෂ පිරික්සුමට සටහන් කර තිබුනි.
ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ
හර පැත්තේ එකතුව 800,000
බැර පැත්තේ එකතුව 895,000
- එක් එක් වරද නිසා අවිනිශ්චිත ගිණුමේ ඇති විය හැකි ශේෂය වටිනාකම හා එම ශේෂය අවිනිශ්චිත ගිණුමේ හර ද? බැරද? යන්න හේතු සහිතව දක්වන්න. එම එක් එක් නිවැරදි කිරීම් ජ’නල් සටහන් දක්වන්න.
- අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.
