අභ්‍යාස අංක 20
- යන්ත්‍ර ගිණුමේ ශේෂය රු. 50,000 ක් ශේෂ පිරික්සුමට උපුටාගෙන නොතිබුනි.
- පරිඝණක යන්ත්‍ර ගිණුමේ ශේෂය රු. 25,000 ක් ශේෂ පිරික්සුමේ සටහන් කර තිබුනේ රු. 2500 ක් ලෙසය.
- බැංකු ගාස්තු ගෙවීම රු. 1000 බැංකු ගිණුමේ පමණක් සටහන් කර තිබුනි.
- රක්ෂණ ගාස්තු ගෙවීම රු. 2000 ක් අඩුවෙන් රක්ෂණ ගාස්තු ගිණුමට පිටපත් කර ඇත.
- වැටුප් ගෙවීම රු. 5000 ක් වැඩියෙන් වැටුප් ගිණුමට පිටපත් කර ඇත.
- උපකරණ මිලදී ගැනීමට ගෙවූ රු. 25,000 ක චෙක් පත්‍රය බැංකු ගිණුම නිවැරදිව සටහන් කර උපකරණ ගිණුමට බැර පැත්තට සටහන් කර ඇත.
- වැටුප් ගෙවූ රු.10,000 ක් දෙවරක් වැටුප් ගිණුමට සටහන් කර ඇත.
- ගොඩනැගිලි කුලී වියදම් ගිණුමේ හර තීරුව රු.15,000 ක් වැඩියෙන් එකතු වී ඇත.
- මෝටර් රථ ගිණුමේ හර තීරුව රු. 25,000 ක් අඩුවෙන් එකතු කර ඇත.
- ලී බඩු උපකරණ ගිණුමේ ශේෂය රු. 20,000 ක් වැඩියෙන් ශේෂ පිරික්සුමට පිටපත් කර තිබුනි.
- විදුලිය වියදම් ගිණුමේ ශේෂය රු. 25,000 ක් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් කර තිබුනි.
- දුරකථන ගාස්තු ගිණුමේ ශේෂය රු. 15,000 දෙවරක් ශේෂ පිරික්සුමට පිටපත් කර තිබුනි.
ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ
හර පැත්තේ එකතුව 500,000
බැර පැත්තේ එකතුව 635,500
- වැරදි නිවැරදි කිරීමේ ජ’නල් සටහන් ලියන්න.
- අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.
