අභ්‍යාස අංක 19
- ණය ගැති – විමල්ගේ ගිණුමේ ශේෂය රු.30,000 ක් ශේෂ පිරික්සුමට ඇතුලත් කර නොතිබුනි.
- වැටුප් වියදම ගෙවීම රු. 15,000 ක් ලෙජරයට පිටපත් කර නොමැත.
- රු.6000 ක විදුලිය වියදම් ගෙවීම අදාල වියදම් ගිණුමට පිටපත් කර ඇත්තේ රු. 600 ක් ලෙසිනි.
- උපකරණ මිලදී ගැනීම සඳහා ගෙවීම රු.25,000 බැංකු ගිණුමේ නිවැරදිව සටහන් කර ඇතත් උපකරණ ගිණුමට පිටපත් කර ඇත්තේ රු.35,000 ක් ලෙසිනි.
- ගොඩනැගිලි කුලී ගෙවූ රු. 15,000 ක චෙක් පත්‍රය බැංකුවට මෙන්ම ගොඩනැගිලි කුලී ගිණුමේද බැර පැත්තේ සටහන් කර ඇත.
- දුරකථන ගාස්තු ගෙවීම රු. 8000 ක් දෙවරක් දුරකථන ගාස්තු ගිණුමට හර කර ඇත.
- යන්ත්‍ර ගිණුම ශේෂ කිරීමේදී රු. 10,000 ක් වැඩියෙන් ශේෂය ගණනය වී ඇත.
- රක්ෂණ ගාස්තු ගිණුමේ හර තීරුව රු. 1000 ක් අඩුවෙන් එකතු කර ඇත.
- ණය ගැති සුනිමල්ගේ ගිණුමේ ශේෂය රු. 5000 ශේෂ පිරික්සුමේ සටහන් කර තිබුනේ රු. 15,000 ක් ලෙසය.
- ප්‍රචාරණ වියදම් ගිණුමේ ශේෂය රු.5000 ක් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් කර තිබුනි.
- ණය ගැති – කමල්ගේ ගිණුමේ ශේෂය රු.30,000 දෙවරක් ශේෂ පිරික්සුමට පිටපත් කර තිබුනි.
ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ
හර පැත්තේ එකතුව 500,000
බැර පැත්තේ එකතුව 523,400
- වැරදි නිවැරදි කිරීමේ ජ’නල් සටහන් ලියන්න.
- අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.
