අභ්‍යාස අංක 14
ව්‍යාපාරයක 2020.03.31 දිනට ශේෂ පිරික්සුම සකස් කිරීමේදී පහත සඳහන් වැරදි සිදුවී තිබුනි.
- රක්ෂණ ගාස්තු ගිණුමේ ශේෂය රු.5000 ක් ශේෂ පිරික්සුමට සටහන් කිරීම මගහැරී තිබුනි.
- ප්‍රචාරණ වියදම් ගිණුමේ ශේෂය රු.7000 ක් රු. 700 ක් ලෙස ශේෂ පිරික්සුමට සටහන් කර තිබීම.
- විදුලිය වියදම් ගිණුමේ ශේෂය රු.500 ක් රු.5000 ක් ලෙස ශේෂ පිරික්සුමේ සටහන් කර තිබීම.
- දුරකථන ගාස්තු ගිණුමේ හර ශේෂය රු.7500 ක් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් කර තිබීම.
- වැටුප් ගිණුමේ ශේෂය රු.25,000 ක් දෙවරක් ශේෂ පිරික්සුමට හර කර තිබීම.
ඔබ විසින් 1. ඉහත එක් එක් වරද නිසා අවිනිශ්චිත ගිණුමේ ඇතිවන ශේෂය වටිනාකම හා එම ශේෂය හර හෝ බැරද යන්න සඳහන් කරන්න.
- වැරදි නිවැරදි කිරීමේ සටහන් ඇතුලත් කර පොදු ජ’නලය සකස් කරන්න.
- අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂය බැර 3200 නම් අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.