අභ්‍යාස අංක 16
- ගැණුම් ගිණුමේ ශේෂය රු.200,000 ක් ශේෂ පිරික්සුමට සටහන් කර නොතිබුනි.
- මෝටර් රථ ගිණුමේ ශේෂය රු.550,000 ක් ශේෂ පිරික්සුමට සටහන් කර තිබුනේ රු.500,000 ක් ලෙසිනි.
- විදුලිය ගාස්තු ගෙවීම රු.5000 ක් ලෙජරයට පිටපත් කර නොතිබුනි.
- බැංකුවෙන් චෙක් පත්‍රයක් නිකුත් කරමින් මිළට ගත් රු.550,000 ක ත්‍රී රෝද රථයේ වටිනාකම බැංකු ගිණුමේ නිවැරදිව සටහන් කර ඇතත් මෝටර් රථ ගිණුමේ සටහන් කර තිබුනේ රු.500,000 ලෙසය.
- දුරකථන ගාස්තු ගෙවී මුදල් පොත නිවැරදිව සටහන් කර ඇතත් දුරකථන ගාස්තු ගිණුමට රු.1000 ක් වැඩියෙන් පිටපත් කර ඇත.
- රක්ෂණ ගාස්තු ගෙවීම රු.10,000 රක්ෂණ ගාස්තු ගිණුමට බැර කර ඇත.
- ණය ගැති සුනිල්ගෙන් ලද රු.20,000 ක චෙක් පත්‍රය සුනිල්ගේ ගිණුමට හර වී ඇත.
- ප්‍රචාරණ වියදම ගිණුමේ හර පැත්ත රු. 2000 ක් වැඩියෙන් එකතුව ගණනය වී ඇත.
- විදුලිය ගාස්තු ගිණුම ශේෂ කිරීමේදී රු. 1000 ක් අඩුවෙන් ගණනය කර ඇත.
- යන්ත්‍ර ගිණමේ ශේෂය රු.20,000 ක් වැඩියෙන් ශේෂ පිරික්සමට උපුටා ගෙන ඇත.
- සුළු මුදල් පොතේ ශේෂය රු.4500 ක් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් කර තිබුනි.
- පරිඝණක යන්ත්‍ර අලුත් වැඩියා වියදම් ගිණුමේ ශේෂය රු.5000 ක් දෙවරක් ශේෂ පිරික්සුමට පිටපත් කර තිබුනි.
ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ එකතුව පහත දැක්වේ.
හර පැත්තේ එකතුව 700,000
බැර පැත්තේ එකතුව 967,000
ඔබ විසින් 1. වැරදි නිවැරදි කිරීමේ ජ’නල් සටහන් ලියන්න. (සංලක්ෂය ලිවීමට අවශ්‍ය නොව්.)
- අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.