අභ්‍යාස අංක 17
- මෝටර් රථ ගිණුමේ ශේෂය රු. 500,000 ක් ශේෂ පිරික්සුමට පිටපත් කර නොතිබුනි.
- ගැණුම් ගිණුමේ ශේෂය රු. 20,000 ක් අඩුවෙන් ශේෂ පිරික්සුමට පිටපත් කර තිබුනි.
- දුරකථන ගාස්තු ගෙවීම රු.8000 ක් මුදල් පොත බැර කිරීම හැර වෙනත් කිසිදු සටහනක් තබා නොතිබුනි.
- විදුලිය ගාස්තු ලෙස ගෙවූ රු.1000 ක් විදුලිය ගාස්තු ගිණුමේ සටහන් කර ඇත්තේ රු.100 ක් ලෙසිනි.
- රු.500 ක රක්ෂණ ගාස්තු ගෙවීම මුදල් පොත නිවැරදිව බැර කර ඇතත් රක්ෂණ ගාස්තු ගිණුමට පිටපත් කර ඇත්තේ රු. 5000ක් ලෙසිනි.
- දුරකථන ගාස්තු ගෙවීම රු. 5000 ක් දුරකථන ගාස්තු ගිණුමට බැර කර ඇත.
- යන්ත්‍ර මිලදී ගැනීම රු.100,000 ක් දෙවරක් යන්ත්‍ර ගිණුමට පිටපත් කර ඇත.
- බැංකු ගාස්තු ගිණුම රු.500 ක් වැඩියෙන් එකතුව ගෙන ඇත.
- ප්‍රචාරණ වියදම් ගිණුමේ හර පැත්ත රු. 1000 ක් අඩුවෙන් එකතුව ගණනය කර ඇත.
- වැටුප් ගිණුමේ ශේෂය රු.10,000 ක් වැඩියෙන් ශේෂ පිරික්සුමට උපුටා ගෙන තිබුනි.
- බැංකු ශේෂය රු. 50,000 ක් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සටහන් කර තිබුනි.
- ගොඩනැගිලි අලුත්වැඩියා වියදම් ගිණුමේ ශේෂය රු. 10,000 ක් දෙවරක් ශේෂ පිරික්සුමට උපුටාගෙන තිබුනි.
ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ශේෂ පිරික්සුමේ එකතුව
හර පැත්තේ එකතුව 1,000,000
බැර පැත්තේ එකතුව 1,514,900
- වැරදි නිවැරදි කිරීමේ ජ’නල් සටහන් ලියන්න. (සංලක්ෂය ලිවීම අවශ්‍ය නොව්.)
අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.