අභ්‍යාස අංක 21
- රු. 10,000 ක අත්පිට විකුණුම් මුදල් පොතට හර කිරීම හැර වෙනත් කිසිදු සටහනක් තබා නොමැත.
- රු. 10,000 ක අත්පිට විකුණුම් විකුණුම් ගිණුමට සටහන් කර තිබුනේ රු. 5000 ක් ලෙසය.
- රු. 1000 ක විකුණුම් ඉන්වොයිසිය මුදල් පොත නිවැරදිව හර කර ඇතත් විකුණුම් ගිණුමට රු.11,000 ක් ලෙස සටහන් කර තිබුනි.
- රු.5000 ක විකුණුම් ඉන්වොයිසිය මුදල් පොතේ මෙන්ම විකුණුම් ගිණුමේද හර පැත්තේ සටහන් කර තිබුනි.
- රු.8,000 ක අත්පිට විකුණුම් ඉන්වොයිසිය දෙවරක් විකුණුම් ගිණුමට පිටපත් කර ඇත.
- විකුණුම් ගිණුම ශේෂ කිරීමේදී ශේෂය රු.10,000 ක් වැඩියෙන් ගණනය කර ඇත.
- විකුණුම් ගිණුමේ බැර පැත්තේ එකතුව රු.5000 ක් අඩුවෙන් ගණනය කර ඇත.
- විකුණුම් ගිණුමේ ශේෂය රු.100,000 ක් ශේෂ පිරික්සුමට පිටපත් කර නොමැත.
- විකුණුම් ගිණුමේ ශේෂය රු.100,000 ශේෂ පිරික්සුමට රු.10,000 ක් ලෙස පිටපත් කර ඇත.
- විකුණුම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමට උපුටා ගැනීමේදී රු.50,000 ක් වැඩියෙන් සටහන් කර ඇත.
- විකුණුම් ගිණුමේ ශේෂය වන රු.100,000 ශේෂ පිරික්සුමේ හර පැත්තේ සටහන් කර ඇත.
- විකුණුම් ගිණුමේ ශේෂය රු.300,000 ක් දෙවරක් ශේෂ පිරික්සුමට සටහන් කර තිබුනි.
ඔබ විසින් – 1. ඉහත වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය වන ජ’නල් සටහන් ලියන්න. ශේෂ පිරික්සුමට උපුටා ගැනීමේදී සිදුවූ වැරදි නිවැරදි කිරීමේදී අවිනිශ්චිත ගිණුමට ඇතුලත් වන සටහන් පමණක් හර හෝ බැර වශයෙන් ලිවීම ප්‍රමාණවත් වේ. (සංලක්ෂය ලිවීම අවශ්‍ය නොවේ.)