අභ්‍යාස අංක 23
- අයිතිකරු යෙදූ ප්රාග්ධනය රු.50,000 ක් මුදල් පොතේ සටහන් කර ඇතත් ලෙජරයට පිටපත්කර නොතිබුනි.
- අයිතිකරු යෙදවූ රු.50,000 ක් මුදල් පොතේ නිවැරදිව පිටපත් කර ඇතත් ලෙජරයට පිටපත් කර ඇත්තේ රු.5000ක් ලෙසය.
- අයිතිකරු යෙදූ අමතර ප්රාග්ධනය රු.30,000 මුදල් පොත නිවැරදිව හර කර ඇතත් ප්‍රාග්ධන ගිණුමට පිටපත් කර ඇත්තේ රු.35,000ක් ලෙසය
- අයිතිකරු යෙදූ අමතර ප්‍රාග්ධන මුදල රු.50,000 මුදල් පොතට නිසි ලෙස සටහන් කර ප්‍රාග්ධන ගිණුමට හර කර තිබුනි.
- අයිතිකරු අමතර ප්රාග්ධනය ලෙස යෙදවූ රු.25,000 ක මුදල මුදල් පොත නිසිලෙස සටහන් කර දෙවරක් ප්‍රාග්ධන ගිණුමට බැර කර තිබුනි.
- ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්ත රු.25,000 ක් වැඩියෙන් එකතු කර ඇත.
- ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු.15,000 ක් අඩුවෙන් ගණනය කර ඇත.
- ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු.50,000 ක් ශේෂ පිරික්සුමට උපුටා ගෙන නැත.
- ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු.100,000 ක් අඩුවෙන් ශේෂ පිරික්සුමට සටහන් කර ඇත.
- ප්‍රාග්ධන ගිණුමේ ශේෂය වන රු.80,000 ක් රු.90,000 ක් ලෙස ශේෂ පිරික්සුමට පිටපත් කර ඇත.
- ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු.200,000 ක් ශේෂ පිරික්සුමේ හර පැත්තේ සටහන් කර තිබුනි.
- ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු.100,000 දෙවරක් ශේෂ පිරික්සුමේ සටහන් කර තිබුනි.
ඉහත වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජ’නල් සටහන් ලියන්න. (සංලක්ෂය ලිවීම අවශ්‍ය නොවේ)