අභ්‍යාස අංක 24
- රු.10,000 ක ගොඩනැගිලි කුලී ආදායම මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇතත් ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමට පිටපත් කර නොතිබුනි.
- රු.10,000 ක කුලී ආදායම මුදල් පොතේ සටහන් කර කුලී ආදායම් ගිණුමට රු.1000 ක් ලෙස පිටපත් කර තිබුනි.
- රු.20,000 ක කුලී ආදායම මුදල් පොත නිවැරදිව සටහන් කර ඇතත් කුලී ආදායම් ගිණුමට රු.25,000 ක් ලෙස බැර කර තිබුනි.
- කුලී ආදායම් ගිණුමට හර කරන ලද ලැබූ කුලි ආදායම් ලැබීම රු.5000 කි. මෙය මුදල් පොතට හර කර ඇත.
- ලැබූ ගෙවල් කුලී ආදායම රු. 5000 මුදල් පොතට නිසි ලෙස සටහන් කර දෙවරක් කුලී ආදායම් ගිණුමට සටහන් කර ඇත.
- ගොඩනැගිලි කුලී ආදායම ගිණුමේ ශේෂය රු.1000 ක් වැඩියෙන් ගණනය කර ඇත.
- ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමේ බැර පැත්ත රු.5000ක් අඩුවෙන් එකතුව ගණනය කර ඇත.
- ගොඩනැගිලි කුලී ආදායම ගිණුමේ ශේෂය වූ රු.20,000 ක් ශේෂ පිරික්සුමට පිටපත් කර නොමැත.
- ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමේ ශේෂය රු.10,000 ක් අඩුවෙන් ශේෂ පිරික්සුමට පිටපත් කර ඇත.
- ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමේ රු.50,000 ක ශේෂය රු. 60,000 ක් ලෙස ශේෂ පිරික්සුමේ සටහන් කර ඇත.
- ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමේ ශේෂය රු.50,000 ක් ශේෂ පිරික්සුමේ හර පැත්තේ සටහන් කර තිබුනි.
- ගොඩනැගිලි කුලී ආදායම් ගිණුමේ රු.35,000 ක් දෙවරක් ශේෂ පිරික්සුමේ සටහන් කර තිබුනි.
ඔබ විසින් ඉහත වැරදි නිවැරදි කිරීමේ සටහන් ඇතුලත් කරමින් පොදු ජ’නලය පිලියෙල කල යුතුය.