ගිණුම්කරණ වැරදි හදුනාගැනීම
ගිණුම්කරණයේදී ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම දිවිත්ව සටහන් ක්රමයට සිදුවේ. එම නිසා සෑම ගනුදෙනුවකටම හර සටහනට සමාන බැර සටහන් ලෙජරය තුල තැබිය යුතුවේ. එසේ නොවීමෙන් සිදුවන වැරදි ශේෂ පිරික්සුම පිළියෙල කිරීමෙන් අනාවරණය කරගත හැක. එමෙන්ම ලෙජර් ගිණුම් එකතු කිරීමේදී ශේෂ කිරීමේදී, ශේෂ පිරික්සුම උපුටා ගැනීමේදී වැනි අවස්ථාවල සිදුවන වැරදි නිසාද ශේෂ පිරික්සුම අසමාන වේ. ඒ අනුව සමහර වැරදි ශේෂ පිරික්සුම සකස් කිරීමේදී හදුනා ගත හැක.
නමුත් ගිණුම්කරණ ක්රියාවලියක් තුල සිදුවන සියලුම වැරදි ශේෂ පිරික්සුම සකස් කිරීමේදී අනාවරණය නොවේ. යම් වරදක් සිදුවී ඇතත් එය හේතුකරගෙන ගිණුමක හර සහ බැර සටහන් වල අසමානතාවයක් ඇති නොවේ නම් එවැනි වැරදි නිසා ශේෂ පිරක්සුම අසමානවීමක් සිදු නොවේ.
උදාහරණ ලෙස විකුණුම් ජ’නලය සකස් කිරීමේදී රු.10,000 ක විකුණුම් ඉන්වොයිසියක් ඇතුලත් කිරීමට අතපසු වීම. මෙහි හර සහ බැර සටහන් දෙකම රු. 10,000 කින් අඩුවේ. එනම්
විකුණුම් ඉන්වොයිසියක් ගිණුම් ගත කිරීමේ ක්රියාවලියක් වන්නේ විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජ’නලය නැමති මූලික සටහන් පොතට ඇතුලත් කිරීම හා මාසය අවසානයේ විකුණුම් ජ’නලයේ එකතුව ලෙජරයේ විකුණුම් ගිණුමට බැර කිරිමයි. එමෙන්ම මාසය තුල ණයට විකුණු එක් එක් ඉන්වොයිසි වටිනාකම් එක් එක් ණයගැතියාගේ ගිණුමට හර කිරීමයි. රු. 10,000 ක එක් විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජ’නලය සකස් කිරීමේදී අත්හැරීමෙන් හර සහ බැර සටහන් දෙකම රු. 10,000කින් අඩුවේ. එය වැරදි සහගත නමුත් හර සහ බැර සටහන් දෙකම සමාන ගානකින් අඩුවන නිසා ශේෂ පිරික්සුම අසමාන වීම සිදු නොවේ.
මේ අනුව ගිණුම්කරණ වැරදි කොටස් දෙකකට වර්ගීකරණය කල හැක. එනම්
- ශේෂ පිරික්සුමේ සමානාත්වයට බල නොපාන වැරදි
- ශේෂ පිරික්සුමේ සමානත්වයට බල පාන වැරදි ලෙසයි.