ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි නිවැරදි කිරීම.
- ගනුදෙනුව සම්පූර්ණයෙන් මූලික සටහන් පොත් වලින් මග හැරීම.
උදාහරණ:-රු. 10,000ක ණයට විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජ’නලය සකස් කිරීමේදී සටහන් කිරීම මගහැරී ඇත.
ගනුදෙනුව ගිණුම් ගත කිරීමට අවශ්‍ය සටහන යෙදීම මගින් නිවැරදි කෙරේ
නිවැරදි කිරීමේ සටහන:-
ණය ගැති ගිණුම හර 10,000
විකුණුම් ගිණුම බැර 10,000
2.ගනුදෙනුව මූලික පොත්වල අඩුවෙන් සටහන් වීම.
උදාහරණ:-රු.10,000 ක විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජ’නලය සකස් කිරීමේදී රු. 1000 ලෙස සටහන් වීම.
ගනුදෙනුවේ අඩුවෙන් සටහන් වූ ප්‍රමාණය ගිණුම් ගත කිරීම මගින් නිවැරදි කෙරේ
නිවැරදි කිරීමේ සටහන:-
ණය ගැතියෝ හර 9,000
විකුණුම් ගිණුම බැර 9,000
3.ගනුදෙනුව මූලික පොත්වල වැඩියෙන් සටහන් වීම.
උදාහරණ:-රු. 10,000 ක විකුණුම් ඉන්වොයිසිය විකුණුම් ජ’නලය සකස් කිරීමේදී රු. 15,000 ක් ලෙස සටහන් වීම.
වැඩිවූ වටිනාකම ඉවත් කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ සටහන යෙදීම මගින් නිවැරදි කෙරේ
නිවැරදි කිරීමේ සටහන:-
විකුණුම් ගිණුම හර 5,000
ණයගැතියෝ බැර 5,000
4.එකම ගනුදෙනුව දෙවරක් ගිණුම් පොත්වල සටහන්
උදාහරණ:-රු. 10,000 ක විකුණුම් ඉන්වොයිසිය දෙවරක් විකුණුම් ජ’නලයට පිටපත් විම
වැඩිවූ ගනුදෙනුව ඉවත් කිරීම සදහා ප්‍රතිවිරුද්ධ සටහන තැබීම මගින් නිවැරදි කෙරේ
නිවැරදි කිරීමේ සටහන:-
විකුණුම් ගිණුම හර 10,000
ණයගැති ගිණුම බැර 10,000
5.ගනුදෙනුව මූලික පොතේ නිවැරදිව සටහන් කර ලෙජරයට පිටපත් කිරීමේදී වැරදි ගිණුමකට ඇතුලත් කිරීම
උදාහරණ:-පියල්ට විකුණුම් රු. 10,000ක ණයට විකුණුම් ඉන්වොයිසිය නිහාල් ගේ ගිණුමට පිටපත් කර තිබීම.
ගනුදෙනුව නිවැරදි ගිණුමට මාරු කිරීම සදහා අවශ්‍ය සටහන යෙදීම මගින් නිවැරදි කෙරේ
නිවැරදි කිරීමේ සටහන:-
ණය ගැති පියල් හර 10,000
ණය ගැති නිහාල් බැර 10,000
ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීමේ සටහන් යෙදීමේදී එම සටහන් මුලින්ම පොදු ජ’නලය නම් මූලික සටහන් පොතේ සටහන් කර පසුව ලෙජරයට පිටපත් කිරීම සිදුවේ.