ශේෂ පිරික්සුම වෙනස් වීමට බලපාන වැරදි යනු මොනවද ?
ගිණුම් කරන ක්‍රියාවලිය පරිදි ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කර ලෙජරයේ ගිණුම්වලට පිටපත් කිරීමෙන් පසු අදාල කාලය සඳහා ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම ලබාගනී. ලෙජර ගිණුම් තුලනය කල පසු සමහර ගිණුම්වල හර ශේෂ ඇතිවන අතර සමහර ගිණුම්වල බැර ශේෂ ඇතිවේ. මෙම හර ශේෂ ශේෂ පිරික්සුමේ හර පැත්තෙත් බැර ශේෂ ශේෂ පිරික්සුමේ බැර පැත්තෙත් සටහන් කල විට හර ශේෂ හා බැර ශේෂ වල එකතුව සමාන විය යුතුය.එසේ සමාන නොවීමට හේතුවන වැරදි ශේෂ පිරික්සුම වෙනස් වීමට බලපාන වැරදි ලෙස හැදින්වේ