අභ්‍යාස අංක 11
ව්‍යාපාරයක 2020.03.31 දිනට සකස් කරන ලද ශේෂ පිරික්සුම සමාන නොවූ නිසා වෙනස රු.12,000 අවිනිශ්චිත ගිණුමේ හර පැත්තේ සටහන් කර ශේෂ පිරික්සුම සමාන කරන ලදි. පසුව පහත සඳහන් වැරදි සොයා ගන්නා ලදි.
- ගෙවූ වැටුප් රු.10,000 ක් මුදල් පොත නිවැරදිව බැර කර දෙවරක් වැටුප් ගිණුම හර කර තිබුනි.
- ගැණුම් ගිණුම එකතු කිරීමේදී හර පැත්තේ එකතුව රු.10,000 ක් වැඩියෙන් ගණනය වී ඇත.
- දුරකථන ගාස්තු ගිණුම එකතු කිරීමේදී හර පැත්තේ එකතුව රු. 1000 ක් අඩුවෙන් ගණනය වී ඇත.
- ගෙවූ ගොඩනැගිලි කුලී රු. 15,000 ක් මුදල් පොතේ බැර කර ඇතත් ගොඩනැගිලි කුලී ගිණුමට පිටපත් කර නැත.
- ගෙවූ රක්ෂණ වාරිකය රු.8000 ක් මුදල් පොත බැර කර රක්ෂණ ගාස්තු ගිණුමටද බැර පැත්තේ සටහන් කර තිබුනි.
ඔබ විසින් –
1. ඉහත ගනුදෙනු නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජ’නල් සටහන් ලියන්න.
2. අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.
