අභ්‍යාස අංක 13
ව්‍යාපාරයක 2020.03.31 දිනට සකස් කරන ලද ශේෂ පිරික්සුම සමාන නොවූ නිසා එම වෙනස රු.18,500 අවිනිශ්චිත ගිණුමක හර පැත්තේ සටහන් කරමින් ශේෂ පිරික්සුම සමාන කරන ලදි. පසුව කරන ලද පරීක්ෂා කිරීම් වලදී පහත සඳහන් වැරදි අනාවරණය කර ගන්නා ලදි.
- රක්ෂණ ගාස්තු සඳහා නිකුත් කල රු.10,000 ක චෙක් පත්‍රය බැංකු ගිණුම බැර කිරීම හැර වෙනත් කිසිදු සටහනක් තබා නොමැත.
- ප්‍රචාරණ වියදම් ලෙස ගෙවූ රු.5000ක් මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇතත් ප්‍රචාරණ ගාස්තු ගිණුමට පිටපත් කර ඇත්තේ රු. 500ක් ලෙසය.
- විදුලි බිල් පත්‍රය සඳහා ගෙවීම රු. 1000 විදුලිය ගාස්තු ගිණුමට පිටපත් කර ඇත්තේ රු. 2000ක් ලෙසය.
- දුරකථන ගාස්තු ලෙස ගෙවූ රු.5000 මුදල් පොතට මෙන්ම දුරකථන ගාස්තු ගිණුමටද බැර කර ඇත.
- ගෙවූ වැටුප් වියදම රු.10,000 ක් දෙවරක් වැටුප් ගිණුමට හර කර ඇත.
- ගැණුම් ගිණුමේ ශේෂය රු. 5000ක් වැඩියෙන් ගණනය කර ඇත.
- යන්ත්‍ර උපකරණ ගිණුමේ ශේෂය රු. 10,000 ක් අඩුවෙන් ගණනය වී ඇත.
- ඉහත වැරදි නිසා අවිනිශ්චිත ගිණුමේ ඇතිවන ශේෂය හා එම ශේෂය හර හෝ බැරද යන්න සඳහන් කරන්න.
- ඉහත වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ජ’නල් සටහන් ලියන්න.
- අවිනිශ්චිත ගිණුම සකස් කරන්න.
